You are currently viewing මග වඩන ආර්ය ශ්‍රාවකයෙකුගේ දින පොතින්…දෙවන කොටස….

මග වඩන ආර්ය ශ්‍රාවකයෙකුගේ දින පොතින්…දෙවන කොටස….

Spread the kindness...

කීප වරක්ම පාර වැරදුනා. අනන්ත සංසාරයේ කොපමණ පාර වැරදිලා ඇත්ද? නිවැරදි පාර සොයා ගත්තා. ඒ පාර නිර්මලයි, පියකරුයි. හැබැයි ඒ පාර හැංගිලා තිබුණෙ. හොයාගන්න අපහසුයි.උතුම් නිර්වාණ මාර්ගය වගේමයි. නවාතැන්පල ශාන්තයි. උරුමකම් කියන අවුරුදු පනහක පමණ ඔහුගේ මවගේ වයසේ කාන්තාව භක්තිමත්. ඇයගේ පුතා ගැන ආඩම්බරයි. ඔහුට ඇය කර්මස්ථානයක්. කය යනු දිරා යන කාටවත් තරුණකම රැකගත නොහැකි දෙයක් බව කියවෙන කර්මස්ථානයක්. තරුණකාලයේ මෙවන් විසල් මැදුරක් තනා , රූපශ්‍රීයෙන්, පවුලක් සමඟ ඉතා ආදරයෙන් ඉන්නට ඇත. ඇය ටිකෙන් ටික වයසට යයි. ඇය ඒ වයසට ටිකෙන් ටික දේවල් තේරුම් ගැනීමට අපහසු බව පවසයි. එය ඔහුට තදබල පණිවිඩයක්. “අප්පමාදේත සම්පාදේත!”. ඇය ස්වාමීන් වහන්සේලා ගැන ,පුතාගේ දහම් ලැදියාව ගැන පැවසුවා. හෙට දිනයේ පසුපස ඇති වනයේ තිබෙන ආරණ්‍යයට පුතා සමඟ දානය රැගෙන යා හැකි බව පැවසුවා. අරුමයක්! කලින් නවාතැන අවලංගු වී මෙතැනට එන්න සිදුවූයේ ඔහු පෙර කළ මහා පිනක් ඵලදීමට විය හැකියි. චේතනා කරණීය සූත්‍රය, ධර්මයෝ ධර්මයන් විසින් පුරවයි. කර්ම ශක්තිය ගැන ඔහුගේ විශ්වාසය දැන් තවත් වැඩියි.

රෑ කෑම නැතිනම් අවශ්‍ය නෑ. වේලක් බඩගින්නේ ඉන්න ඔහු තීරණය කළා. “ඇය !!” ජීවිතයේ පෙර කළ මහා පිං කන්දරාවට භව භව පුරා ඔහු හා පැමිණි උත්තමාවිය. ඇය!! දවස් තුනකට ආයේ කතා කරන්නේ නැති බව දැන හඬන ඇය හා කතා කරන ඔහුගේ හිත යම්තාක් සසලයි. එවන් ආදර පිරි තැනක් දමා මෙසේ ආ යුතුදැයි ඔහුගේ සිත අභියෝග කරයි. පඤ්ඤාව, කුසලය බලවත්. සිතට මේ ඝෝරතර සසරේ යථා ස්වාභාවය මතක් කර දීමට සතිය සමත්. ඇය මහා උත්තමාවියක්. ලෝ සතන් වෙනුවෙන් මහා පාරමිතාවක් පුරන ලොව පහළ වන උතුම්ම මහා රත්නයක්. ඇයට “මේ මහා කුසල ක්‍රියාව, ඔහුගේ පූර්ණ නිවීමේ මගට දෙන්නා වූ මහා සහයෝගය ඒ සඳහා මහත් උපනිශ්‍රයක්ම වේවා!” යයි ඔහු දැඩිව ප්‍රාර්ථනා කරයි. ඇයගේ කඳුළු බලවත්, පූජනීයයි, අවංකයි, අහිංසකයි. නමුත්……. ඔහුත් ඇයත් මේ කඳුළු සාගර පිටින් සලන්නට ඇති. ඔහුගේත්, ඇයගේත්, සියලු සත්වයන්ගේත් සුව පිණිස ඔහුගේ තීරණයෙන් ශක්තිමත් බුද්ධිමත් මේ ගමන, ඇයටත් ලෝ සතුන්ටත් යහපතක්ම බව ඔහුට විශ්වාසයි…..

මතු සම්බන්ධයි…


Spread the kindness...

Leave a Reply