2020 දෙසැම්බර් 25
උදෑසන 4.30ට අවදිවීමට වුවමනා වුවද විටින් විට නින්ද සහිතව පූර්ණව අවදි වීමට ඔහුට හැකි වූයේ 5.13ටය. එයත් ජයග්‍රහණයක්. ඔහුට උදෑසන තනිවම අවදිවීම කොතරම් අපහසුව තිබුන බව ඔහු දනී. මුහුණ කට සෝදා සක්මන ඔහු තෝරාගනී. තාවකාලික නමුත් පැමිණි මේ ගමන ගැන විශ්ලේෂණය වැදගත්.. ඔහු වසර තුනකට පමණ පෙර ඇරඹූ සමාජ හිතකාමී ව්‍යාපාරය ගැන සිත උද්දාමයි. නෑ. ඒ සේරම පසෙක තබායි ඔහු ආවේ. ප්‍රඤ්ඤා හමුදාව සීරුවෙන්!!
ඉන්පසු ආර්ය මෛත්‍රීයත්, ගුරු ස්වාමීන්වහන්සේනමකගෙන් උගත් යම් කර්මස්තානත් වැඩීමට සිත් වේ. දස දිශාවට, සියලු ලෝක සියලු සත්වයන්ට කරන මෛත්‍රීය ඉතා ප්‍රබලයි. සම සිත කැන්දයි. ” අහං අවේරෝ හෝමී. අභ්‍යා පජ්ජෝ හෝමී.” මුලින් කළ්‍යාණ මිත්‍ර ස්වාමීන්වහන්සේ නමකගෙන් ඇසුනු දින කිසිවක් නොතේරුන ඒ කර්මස්තානය, අද කෙතරම් කෙලෙස් නිවීමට හේතු වෙනවාද? නිවන අග අරමුණු කොට ඇත්ද , ධර්මයෝ විසින් ධර්මයෝ පුරවනවා ඇත.
නැවත කුඩා විවේකයක්. කාමරයෙන් පිටත උදා වී ඇති නත්තල් දින සූර්‍යාලෝකය සීතල දේශගුණයට කදිම සහනයක්. ඔහු කාමරයෙන් පිටත බැල්කනියට වී මෛත්‍රීය වඩන්නට පටන්ගත්තා. අංශක 180ක් පුරා විහිදී පෙනෙන ඒ කඳු පංතිය සියලු ලෝ සතුන් වෙනුවෙන් මෙත් වැඩීමට සුදුසු සිත් පරිසරය තවත් හොඳින් උදාකළා. උදෑසන සූර්‍යාලෝකය ප්‍රබලයි. ඉදින් ඒ සූර්‍යාලෝකය මෙන් බුද්ධ සූර්‍යාලෝකයෙන්, ධම්ම සූර්‍යාලෝකයෙන්, සංඝ සූර්‍යාලෝකයෙන් ඔහුගේ ජීවිතය ආලෝක වේ නම් යැයි ඔහුට හැඟේ. භාවනා වැඩසටහනක කර්මස්තාන සජ්ජායනාවේදී ඉතා තදින් ඔහුට දැනුණු ඒ කර්මස්තානය.
” බුද්ධ සූර්ය ආලෝකයෙන් ආලෝකයි.
ධම්ම සූර්ය ආලෝකයෙන් ආලෝකයි.
සංඝ සූර්ය ආලෝකයෙන් ආලෝකයි.
සප්ත සූර්ය ආලෝකයෙන් ආලෝකයි.
බුද්ධාලෝකයෙන් ආලෝකයි.
ධම්මාලෝකයෙන් ආලෝකයි.
සංඝාලෝකයෙන් ආලෝකයි.
තිසරණ සරණින් ආලෝකයි..”
පසුපසින් උදෑසන ආහාරය මේසයට පිළියෙල වන හඬ ඇසේ. භාවනාවට බාධාවක් වීමෙන් ගැටළුවක් නොවන පරිදි නැගිටිය යුතුයි. මෛත්‍රී සිතිවිල්ලක් ඔහුට නැගේ. ඒ සමඟම ” පුතා.. කෑම ලෑස්තියි .. ” ඇයගෙන් හඬ නැගේ. එය ඔහුගේ වරද ,ඔහු ” හා මම එන්නම්…” යැයි පවසා ඇයට පිං අනුමෝදන් කර ඒ සිදුවීම නොදැනුවත්ව සිදුකළ බව සිහිපත් කර පූර්ණව කමාකළා. අනේ එය එසේ වේවා! කර්ම දෝෂයක් නම් නොම වේවා! ඒ පිංවත් භක්තිමත් මෑණියන්ට නිවන් මග වහ වහා විවර වේවා!!
මතු සම්බන්ධයි …
