දැවෙනා සිත් ගින්න නිවා සැනසෙන්න පුර්ණ වූ නිශ්චලත්වය තුළ...

නිවීමට ඇති එකම හා හොඳම මොහොත මේ මොහොතයි…
එන්න, ඒ නිවෙන මග පියමැනීමට “නිශ්චල” කලණ දම් වැට සමග

නිශ්චල යනු, අති දුර්ලභ සම්බුද්ධ ශාසනයක් තුළ මෙලොව පහළ වී ඒ පරම සත්‍ය, සොයා යන්නාවූ සියලු පුණ්‍යවන්ත කලණ මිතුරන් සමග, ඒ මග වඩමින් ලැබූ ප්‍රායෝගික අත්දැකීම් බෙදා හදා ගැනීම පිණිසම සාධු සිතින් පිදෙන්නාවූ සදහම් තිළිණයකි. මේ ප්‍රයත්නය ඔබේ නිවන් මග පුර්ණය කර සියලු දුකින් මිදීමට ශක්තියක්, ධෛර්යයක්, වීර්යයක්ම වේවා!!!

බෞද්ධ දර්ශනය

ලොවක සත්‍ය යනු සදා පවතින්නකි. නමුත් කල්ප කාලාන්තර පුරා දුකින් මිදීම සම්බන්ද සත්‍ය සැඟවී පැවතීම සිදුවිය හැක. ඒ තන්හාවේ මිරිඟුව පසුපස දුවන සත්වයින්, ඒ සඳහා හේතු සැකසීම ඉතා අල්ප වීමය. ලොව හේතු නිසාම ඵල ඇති වන අතර ප්‍රඥාව උදෙසා කුසල් හේතු නොසාදන තෙක් ලොව සත්‍ය ඇති සැටියෙන් දැකීම සඳහා අවශ්‍ය ප්‍රඥාව පහල නොවෙනු ඇත. කල්ප ලක්ශ ගණන් ඒ සත්‍ය හෙළි කිරීම සඳහා හේතු සෑදූ උතුම් බුදු කෙනෙකුන්, ඒ දුකින් මිදීම සඳහා වන චතුරාර්‍ය සත්‍ය ලොවට හෙළි පෙහෙලි කරනු ඇත. ඒ දහම විවර වන්නේ යම්තාක් ද ඒතාක්ම බබලයි. ඒ දර්ශනය, ලොව පිළිබඳ සත්‍යයයි. සිත පිළිබඳ සත්‍යයයි. ඒ සත්‍ය යම් කෙනෙකුට ප්‍රායෝගිකව මේ මේ මොහොතේදීම යොදා පරීක්ශා කල හැක. ඒ සත්‍ය අවබෝධ කර ගත හැක. අත්දැකීමෙන්ම සාක්ශාත් කල හැක. ඉදින් යම් අවැසි කෙනෙකුට ඒ තුලින් සියලු දුකින් අතමිදිය හැක. ප්‍රඥාව ඇති සත්වයෝ ඒ සත්‍ය විවර වූ මනසින් විමසත්වා!!

සදහම් දේශනා

ආර්ය භාවනාව

භාවනාව යනු සිතේ සමාධියයි. ආර්‍ය භාවනාව යනු කුසල සිතේ ඒකාග්‍රතාවය ඇති කර ගැනීමත්, සිතේ සියුම්ම තැන් විනිවිද දැකීමත්, ඒ තුලින් ප්‍රඥ්ඥා ඇස විවර වීමෙන් සම්මා සමාධිය තුලින් ලොව යතාර්ථය ඇති සැටියෙන් දැකීමත්ය. මෙසේ දකින සිත විද්‍යාව වේ විමුක්තියට පත් වේ. මේ උතුම් ආර්‍ය භාවනා මාලාව ඒ උතුම් විමුක්තියටත් , පූර්ණ නිවීමටත් උපකාරයක් , අත්වැලක් , උපනිශ්‍රයක්ම වේවා!!

දහම් ලිපි

අනන්ත සංසාරයක් අනේක විධ දුගති අත්බව වල ඉපිද, වචනයෙන් ගිණිය නොහැකි අනේකවිධ දුක්ඛ දෝමනස්සයන් විඳිමින් බුද්ධෝත්පාද කාල බොහොමයක් පසු කරමින් අප මේ පැමිණ සිටින්නේ දෙව් මිනිස් සැප කෙළවරටයි. බුද්ධෝත්පාද කාලයක,…

ගෞතම බුද්ධ ශාසනය තුළ සාක්ෂාත් කළා වූ උපරිම ඤාණ සම්පත්තියක් ඇති අසූ මහා ශ්‍රාවක මහරහතන් වහන්සේලා පිළිබඳ අපි අසා ඇත්තෙමු. සෝණ මහ රහතන් වහන්සේ ඒ අතරින් සුවිශේෂී වන්නේ පරිපූර්ණ වීර්යයක්…

තෙරුවන් සරණයි !!!