මිනිස් භවය දුර්ලභය. සම්බුද්ධ උත්පත්තිය ඉතා දුර්ලභය. කළ්‍යාණ මිත්‍ර සම්පත්තිය ද දුර්ලභය. කුසල් සිත එකඟ වූ මොහොතක ඒ ශ්‍රී සත්ධර්මය ඇසීමට ලැබීම ඔබ හට ඉතා දුර්ලභය. සසර පුරා සිදුකල මහා පින් සහ කුසල් කර්ම මේ තත්පරය දක්වා ඔබව රැගෙන ආ හැටි අසිරිමත්ය. ඒ අසිරිමත් මොහොතේ මේ උතුම් සත්ධර්මයෝ සමාධි සිතින් විමසත්වා! ඒ මඟ පිළිපන් වෙත්වා!! ලොවේ යතාර්ථය ඒ ආකාරයෙන්ම දකිත්වා!! ඒ තුළින් සියලු දුකින් මිදීමේ උත්තරීතර මොහොත නොබෝ දිනකින්ම එළඹෙත්වා!!
