ඔහුගේ පරිබෝජනයට ගෙන ආ බෙහෙත් සහ ආහාර දන් දීම පිණිස ඔහු සූදානම් කරගත්තා. යන අතරමගදී චොක්ලට්,තැඹිලි ආදිය ගත යුතුව තිබුණා. ඒවා මිලදී ගැනීමට ඔහුට හේතු වාසනා සැකසුණා. වාහනය මග නවතා ත්‍රී රෝද රථයක කැලයට පැමිණුනා.
වනය හරිම නිදහස් . කලබලකාරී නගරයට හාත්පසින්ම වෙනස්. ස්වාමීන් වහන්සේට ගෙන ආ දානය පූජා කළා. උන්වහන්සේ සමඟ සුළු වේලාවක් සංවාදයේ නියැලීමට අවස්ථාව ලැබුණා. උන්වහන්සේ ශීලයේ සහ ප්‍රසාද සිතේ ඇති වැදගත්කම දේශනා කළා. කුසල ශීලය ශක්තිමත් කර ගැනීම වැදගත් බව ඔහුට තවත් පැහැදිලියි. හරිම පුදුමයි! උන්වහන්සේත් සතියේ වැදගත්කම, ත්‍රිවිධ සුචරිතය ගැන දේශනා කළා. ඔහුට ආනන්ද කුසල ශීල සූත්‍රයත්, චේතනා කරණීය සූත්‍රයත් නැවත ආවර්ජනය වුණා. ඒ බව පැවසූ විට උන්වහන්සේ ඒ පිළිබඳව ප්‍රශංසා කළා.චේතනා කරණීය සූත්‍රය ඉතා වැදගත් බව උන්වහන්සේ දේශනා කළා. ඉන්පසු තවත් කල්වේලා නැති බැවින් අචාන් බ්‍රහ්ම වංශ හිමිගේ Mindfulness , Bliss & Beyond නැමති ග්‍රන්ථ නිර්දේශ කළා..
එන ගමනේදී මිතුරා සමඟ ජීවිත අත්දැකීම්බෙදාගත්තා. බොහොමයක් දෙනාට එකම ආකාරයේ ගැටළු තිබෙන බව ඔහුට වැටහුණා. ඔහු තමා ජයගත් තැන් ගැන පැවසුවා. ” මා යන්නේ හරි මග”, ඔහුට තවත් විශ්වාස වූවා. යන ගමනේදී බෙහෙත් වගයක් ගැනීමට නගරයට යාමට සිදු වුණා. නගරය වේගවත්, කලබලකාරියි, පීඩාකාරීයි. ඔහුට වනයේ ඇති ජීවිතයත්, නගරයේ එකිනෙකා පරයමින් දුවන කලබලකාරී ජීවිතයත් අතර වෙනස හොඳින් වැටහුනා. සැබවින්ම මනසට වෙහෙසයි. පීඩාකාරියි. ඔහු හැකි සැම විටම නතර වී නිසලව සිටීමට උත්සහ කලා. මේ පීඩාව විඳින කෙනෙක්ටමයි වැටහෙන්නේ.ඔහුට මිතුරාගෙන් ලැබුණු පිලිතුරෙන් එය තහවුරු වුණා. නැවත එන ගමනේදී ඇතැම් ස්වාමීන් වහන්සේලාගේ දේශනා ගැන කතා වුණා. උන්වහන්සේලාගේ දේශනා ගැන මිතුරාට ලොකු පැහැදීමක් නැති නමුත් ඔහු ප්‍රතික්ෂේප නොකිරීම තුලින් ඔහු මග වසා නොගනියි යන හැඟීම ඇති වුණා. සංඝ රත්නය විවේචනය නොකර සිටීම උතුම් ගුණයක්. ඒ ගුණයට මාගේ ඉමහත් ගෞරවය. ඒ උත්තමයාණන් වහන්සේලාට මා හට මාර්ගය විවර කිරීම ගැන මාගේ ඉමහත් ගෞරවය ප්‍රකාශ කළා. නවාතැන්පලට පැමිණ ඔහුටත් ,මවටත් මේ ගමනට මා සම්බන්ධ කරගැනීම පිළිබඳව අනේක පිං ලබාදුන්නා. නිවැරදි මාර්ගයම විවර වේවා! මේ ගෞතම බුද්ධ ශාසනයේම සියලු දුක් කෙලවර උතුම් නිර්වාණ සම්පත්තියම ඉක්මණින්ම පහසුවෙන්ම හමුවේවා!
දිවා ආහාරය ලබාගත්තා .ආහාර ප්‍රත්‍යවේක්ෂාව නිතරම හැමවිටම කලයුත්තක් , ඔහුට සිතුණා. මේ ගමන ආහාර පමණක් නොව සියලු සංඛාර ප්‍රත්‍යවේක්ෂාවෙන්ම සිදුකිරීමට ආරම්භයක්ම උත්තේජනයක්ම වේවා! ආර්යය මෛත්‍රී ඇතුලු කර්මස්ථානයක් වැඩුවා. ගමන් වෙහෙස සහ ආහාර ගැනීම නිසා ඔහුට නිදිමතක් පැමිණියා. විවේක කාලය !
මතු සම්බන්ධයි.!
