2020 දෙසැම්බර් 25
උදෑසන ආහාරය ඉතා නැවුම්. කිරිබත් යනු සුජාතාවගේ පටන් වැදගත් අවස්ථාවන්ගේ පිළියෙල වන ආහාරයක්.. අද කිරිබත් පිළියෙල කළ ඇයට බොහොම පිං. ඒ ඇයගේ ආශිර්වාදය විය හැකිය. ඔහු ප්‍රත්‍යවේක්ෂාව දන්නා පරිදි සිහිපත්කොට ආහාර ගත්තා… දේශාන් නවාතැන්පොල අයිති කාන්තාවගේ පුතා. ඔහු මූල්‍ය කළමණාකරුවෙක්. රැකියා ස්ථානයේ විස්තර කතා කළා ඔහු සමඟ. එහිදී මතකයන් අලුත් වෙයි. විශ්වවිද්‍යාලය ගැන කතා කරන විට ඒ මතකද අලුත් වෙයි. නමුත් ඔහුට ලොකු උනන්දුවක් නැහැ. එසේ නමුත් සමාජය හා එසේ හෝ සම්බන්ධ වීම ඔහුව තවමත් අවදි කරයි. හුදෙකලාව වැදගත්. මෙතෙක් හරි හැටි අත් විඳින්නට නොහැකි වූ ඒ හුදෙකලාවයි ඔහු මේ සොයා ආවේ. ගුරු හිමි නමකගේ හුදෙකලාව ගැන දින දෙකකට පෙර නිකුත් වුණු විනාඩියේ දේශනාව ඔහුට ශක්තියක්. ඔව් හුදෙකලාවට නොදුටු මානයන් විවර කළ හැකියි.
උදෑසන වරුව ම භාවනාවෙන් ගත වුණා. ඒ බැල්කනිය භාවනාවට ඉතා උචිතයි. නුවර පුරා පැතිරෙන උඳුවප් සීතල නිසා භාවනාවට ඉතා සෞම්‍ය කාලගුණයක් සැකසුනා. ඔහුගේ සිත නිසලයි. දිවා ආහාරය සූදානම්. මෙය රූපය උදෙසාවත්, මදය උදෙසාවත්,ක්‍රීඩාවන් උදෙසාවත් නොවේවා!!! උතුම් නිර්වාණය අවබෝධය පිණිස ම, පැරණි කායික වේදනාවන් දුරු කිරීම පිණිස ම පමණක් ම වේවා !!! නවාතැන්පළ අයිති කාන්තාව සමඟ විස්තර, නිවනේ ආනිශංස, ජීවිතයේ ආදීනව, ඔහු කතා කළා ඇයට මාර්ගය කෙමෙන් කෙමෙන් විවර වෙමින් පවතී. ඇය බෞද්ධ පොත් කීපයක් ඔහුට ලබාදුන්නා. ආහාර පිළියෙල කළ පිනද,ඒ මහා ධර්ම දානයද ඇයට ඉක්මනින් පූර්ණව නිවීමටම හේතු වේවා! ලොව පැවැත්ම සේම ඇයගේද සිහින මාලිග සමඟ තැනුණු, ගතකළ දිවිය විපරිනාමය වන්නට පටන් ගෙන ඇත. ඇය තවමත් පමා නැත . නමුත් කාලය සීමිතය. ඇයට ඒ උරුම ධර්මතාව ඔහුටත්,සියලු ලෝ සතුන්ටත් පොදු ධර්මතාවයකි. මේ දුර්ලබ බුද්ධෝත්පාද කාලයක ඉපදී, දහම් අසා, මෙතෙක් ආ ගමන මේ භවයේදී නිමා කළ යුතුමය.
යම් විවේකයකින් පසුව ඔහු අවදි වූයේ ය. ” ඕෂෝ “, ඔහු බුදු දහම අනුව යන්නෙක්ද යන්න ඔහු නොදනී. නමුත් පුටුව උඩ තිබූ “Cup of tea” නම් පොතේ ඇති ලිපි ඔහු සද්ධර්ම අවබෝධය ඇත්තෙක් බව ඔහුට හඟවයි. ඒ ලිපි හරවත්. ප්‍රත්‍යක්ෂය ඇත්තෙක් යැයි සිතෙන සුලුයි. ඔහු දෙවියන් හා එක්වීම යනුවෙන් පවසන්නේ කර්ම ශක්තිය / ලෝක දහම හා එක්වීම යයි ඔහුට සිතේ. ඔහුගේ ලිපි අපූරුයි. ඔහු (බොහෝ විට ඔහුගේ පෙර පෙම්වතියට) ලියා ඇති ලිපි මහා කරුණාවකින් ලියා ඇති බව ඔහුට සිතෙයි. පූර්ණව නිවුණු දිනක ද ඔහුටත් ඒ උතුම් වූ ඔහුගේ බිරිඳ වෙනුවෙන් එසේ මහත් කරුණාවෙන් සිටිය හැකි වනු ඇත. ඇය එතරම්ම පින්වන්තය. ඒ පාරමිතාවට ඔහුට හැකි උපරිමයෙන්ම, පිරීනිවෙන තෙක්ම, උපකාර කිරීමට හේතු ඇති සේයාවකි ඇත්තේ….
මතු සම්බන්ධයි.
