2020 දෙසැම්බර් 25 ඉතිරිය.
සවස භාවනාව විදර්ශනාවක් . රාත්‍රී ආහාරය අවශ්‍ය නොවන බව ඔහුගේ හැඟීමයි.සවස බිස්කට් සමඟ තේ සාදාගෙන යැපිය යුතුය. යම් හෙයකින් එය මදි වුවහොත් ඔහුගේ බිරිඳ ලබා දුන් බනිස් ඇත. පැරණි කර්මයන්ගෙන් උපන් කුසගින්න අරුමයි. නැවත එවන් ගිනි ඔහු නොපතයි. මේ සෆහන ලියන්නට හේතුව තවමත් ඔහුට අපැහැදිලියි. සවස් වරුවම විදර්ශනාවෙන්ම ගෙවුනා.අභය ස්වාමීන් වහන්සේගෙන් උගත් කර්මස්ථාන සිත සමාහිත කර ගැනීමට, සමාධිය කැඳවීමට උපකාර වුණා.
ඒතං සන්තං – ඒත පණීතං
යධිදං සබ්බ සංඛාර සමතෝ
සබ්භූපදී පටි නිස්සග්ගෝ
තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානංති
සවස් වරුවේ පහන දල්වා අධිෂ්ඨාන පිංකම සිතේ හැටියට සිදුකළා. ධම්ම චක්ක සජ්ජායනාවේදී, මේ සූත්‍රය කෙතරම් නම් උතුම් දැයි ඔහුට දැනුණා. ඔහු ඉතා කල් වේලා ගෙන සූත්‍ර කොටස 9 වතාවක් සජ්ජායනා කළා. මේ උතුම් සූත්‍රය ලොව සිදුවන්න කෙසේවත් නොදත් අසරණ මිනිසුන්ට වඩ වඩා ඇසේවා.! මේ කාම ගින්නේ දාහය වැටහේවා! මේ දුර්ලබ බුද්ධෝත්පාද කාලයේ ඒ අමා ධර්මය කන වැකී උතුම් නිර්වාණ ශක්තියම ළඟා කර ගනීවා..
ඉන් අනතුරුව ඔහු දන්කන්දරතධම්මරතන නා හිමියන්ගේ ජීවිත් කතාවේ මුල් කොටස කියවූවා. නවාතැන්පල අයිති කාන්තාව මේ පොත ඔහුට දෙන්නට ඇත්තේ කිසියම් හේතුවකට බව ඔහුට විශ්වාසයි . එය අරුමයි. තදබල පණිවුඩ කිහිපයක් අත්දැකීම් ඇසුරෙන් උන්වහන්සේ දේශනා කරයි. කුසලය ශක්තිමත් වීමේ වැදගත්කම ඔහුට දැන් තවත් තදින් වැටහේ. නිවැරදි ගුරු උත්තමයාණන් වහන්සේ නමකගේ මග පෙන්වීමේ, ගුරුහරුකම් ලබා දීමේ වැදගත්කම, ආශිර්වාදය ඔහුට හොඳින්ම වැටහේ. ඔහුට එය නොඅඩුවම ලැබෙන බව විශ්වාසයි.. එවන් මහා කරුණාවකින් අවවාද අනුශාසනා දෙන ගුරු, කල්‍යාණ මිත්‍ර අරිහතුන් වහන්සේ නමකගේ ඇසුර ලැබීමට ඔහු කර ඇති පින් කුසල් මෙතෙකැයි කියා නිමකළ නොහැක. උන්වහන්සේගේ මග පෙන්වීමේ වැදගත්කම ඔහුට තවත් ප්‍රත්‍යක්ෂයි.
ඔහුට වැටහුණු තවත් කරුණු කිහිපයක් මෙහි සටහන් කර නොතැබීමට ඔහි තීරණය කළා.
තෙසැත්තෑ බුද්ධ ඤාණ පොතේ තවත් කොටසක් කියවූවා.. සිත තරමක් නොසන්සුන්. බුද්ධ ඤාණ , බුදු ගුණ වලින් ඒ කලබල සිත සන්සුන් වේවා!!!
රාත්‍රී 8.30ට පමණ ඔහු ආහාරයක් නොගෙනම නින්දට වැටුණා..
මතු සම්බන්ධයි…
