You are currently viewing දුක දැකීමෙන් නිවීම කරා…

දුක දැකීමෙන් නිවීම කරා…

Spread the kindness...

හැමවිටම,

තම කය මෙන්ම මෙලොව ඇති සියළු දේ
ඇතිවී, පැවතී, නැතිවී යන ස්වභාවයෙන් යුතු බව දකින්න…

එය දුකක් බව අවබෝධ කර ගන්න…

මෙසේ දුක ඇති වීමට හේතුව ඒ සියල්ල කෙරෙහි ඇති තෘෂ්ණාවේ බැඳීම බව වටහා ගන්න…

ජීවිතය ගෙවන සෑම මොහොතකම;
එනම් යම් කාර්‍යයක නිරත වන විටත්,
මඟ තොට යනෙන විටත්,
නිවසේ හෝ කාර්‍යාලයේ සිටින විටත්,
නිදි යහනේ නින්දට යන මොහොත තෙක්

තම සිතට නැඟෙන සිතිවිලි ගැන,
වෛර, ඊර්ෂ්‍යා, පළිගැනීම්, එකට එක කිරීම් හා යම් යම් බැඳීම් ලෙස
ඇතිවෙන සිතිවිලි ගැන විමසිල්ලෙන් සිටින්න…

එම රාග, ද්වේශ, මෝහ සිතිවිලි වල
අනිච්ච, දුක්ඛ, අනත්ථ බව දකින්න…

එම සිතිවිලි වල ආදීනවය,
ඇතිවන පාඩුව, අපහසුතාවය දකිමින්
එම සිතිවිලි වල ඇති හර සුන් බව හඳුනා ගන්න…

හර සුන් බව හඳුනා ගත් සිතිවිල්ල
නිස්සරණයව යන ආකාරය දකින්න…

නිවීම අත ළඟයි!
දුකින් මිදෙන දිනය අත ළඟයි!


Spread the kindness...

Leave a Reply